අප පිළිබද



                     වජ්‍ර වන්ද්‍යා සංචාරකයෝ



  • කොළඹ-දිල්ලි-බරණැස-බුද්ධගයා ගුවනින්, දුම්රිය ගමන් නැත, වන්දනාව සුඛෝපභෝගි බසයෙනි. (සකස්කල හැකි ආසන,A/C,T.Vසහිත)
  •  නවාතැන් සදහා යාබද නාන කාමර සහිත සුඛෝපභෝගි හෝටල් කාමර.
  • සියළුම ආහාර පාන ශ‍්‍රී ලාංකික ක‍්‍රමයට, බීමට බෝතල් වතුර. 
  • වෛද්‍ය පහසුකම් නොමිලයේ. 
  • සියළු සිද්ධස්ථාන විස්තර කිරීම හා බුද්ධ වන්දනාව ප‍්‍රවීණ දේශකයෙකු විසිනි





                           වන්දනා කරන ස්ථාන




ලූම්බිණිය, බුද්ධගයාව, ශ‍්‍රී මහා බෝධිය, සේනානිගම, දුෂ්කර ක‍්‍රියා කළ ස්ථානය, බරණැස, ඉසිපතනය, මිගදාය, මූලගන්ධකුටි විහාරය, කුෂිනගරය, පිරිනිවන් මංචකය, ආදාහන චෛත්‍ය, පැන් වැළඳු ස්ථානය, සැවැත් නුවර ජේතවනාරාමය හා ආනන්ද බෝධිය, රජගහනුවර, ගිජ්ජකූටය, නාලන්දාව, විශාලාමහනුවර, කපිලවස්තුපුර, සංකස්ස ඇතුලූ සියලූම සිද්ධස්ථාන වන්දනා කෙරේ. මීට අමතරව ලක්නව්, කාන්පූර්, අග‍්‍රා ටජ්මහල්, දිල්ලි නගරසිරි සහ සාප්පු සවාරිද ඇතුළත්ය.

  • බුද්ධගයාවේදී කිරිපිඬු පූජාව, සිල් සමාදන්වීම හා සාංඝික දානය
  • සැවත්නුවර ජේතවනාරාමයේ දී සිල් සමාදන්වීම, සාංඝික දානය, රෝස මල් පූජාව හා ආලෝක පූජාව.
  • ආනන්ද බෝධිය අභියස බෝධි පූජාව.
  • කපිලවස්තු සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය.


මීට අමතරව

  • ඉන්දියාව තුලදි කිසිදු මුදලක් අය නොකරේ.
  • ගමන් බලපත්‍රය,ගුවන් ටිකට්පත,ඉන්දීය/නේපල වීසා සහ සිද්ධස්ථාන වලට ඇතුළු වීමේ ගාස්තු  නොමිලේ
  • සංචාරයේ දි භාවිත කිරීමට 20Kg ගෙනයාහැකි බැගයක් සහ වන්දනා ගමනේ DVD තැටිය නොමිලේ.
  • මෙම දින 12 සුඛෝපභෝගි වන්දනාවේ දි පයින් ගමන් කිරීමක් නොමැත.
  • ඔබගේ ගමන් මලු කාමරයටයම ගෙනැවිත් භාර දෙන අතර උදැසන තේ කෝප්පය ද කාමරයේ දොරටුව අභියසටම ගෙනවිත් දේ.

 

මුලික උපදෙස්



ගමන් බලපත‍්‍රය ආයතනය මඟින් ලබා ගන්නේ නම්


  • උප්පැන්න සහිතකයේ මුල් පිටපත (මුල් පිටපත නොමැති නම්, දරුවකුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ දිවුරුම් ප‍්‍රකාශයක්)
  • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායා පිටපත් 02ක් (හැඳුනුම්පතෙහි දෙපැත්තම පිටපත් කළ යුතුය.)ජාතික හැඳුනුම්පත නොමැති නම් රියදුරු බලපත‍්‍රය හෝ වැඩිහිටි හැඳුනුම්පත ඉදිරිපත් කළ හැකිය.
  • පාස්පෝට් ප‍්‍රමාණයේ වර්ණ ඡායා රූප 04ක්.
  • වීසා ප‍්‍රමාණයේ වර්ණ ඡායා රූප 04ක් (ප‍්‍රමාණය සෙ:මි 5x5 - පසුතලය සුදු පැහැ විය යුතුය - ඡායා රූප ගැනීමේ දී උපැස් පැළ`දීමෙන් වළකින්න.)
  • කාලය ඉකුත් වූ විදේශ ගමන් බලපත‍්‍රයක් ඇත්නම් එය හෝ එය අස්ථාන ගත වී ඇත්නම් එහි අංකය සඳහන් පොලිස් වාර්තාවක්.
  • විවාහයෙන් පසුව කාන්තාවන් වාසගම වෙනස් කර ඇත්නම්, විවාහ සහතිකයේ මුල් පිටපත.
  • අයදුම්කරු නොපැමිණේ නම්, විදේශ ගමන් බලපත‍්‍ර අයදුම්පතක් අත්සන් කර රැගෙන ආ යුතුය.


ගමන් බලපත‍්‍රය ඇති අය ආයතනය මඟින් වීසා ලබා ගන්නේ නම් 

 

  • මාස 06කට වඩා වලංගුතාවයක් ඇති විදේශ ගමන් බලපත‍්‍රයක් හා පරණ විදේශ ගමන් බලපත‍්‍රයක් ඇත්නම් එයද අවශ්‍යයි. කාලය ඉකුත් වූ විදේශ ගමන් බලපත‍්‍රයක් අස්ථාන ගතවී ඇත්නම් එහි අංකය සඳහන් පොලිස් වාර්තාවක්.
  • වීසා ප‍්‍රමාණයේ වර්ණ ඡායාරූප 04ක් (ප‍්‍රමාණය සෙ:මි 5x5 - පසුතලය සුදු පැහැ විය යුතුය - ඡායා රූප ගැනීමේ දී උපැස් පැළදීමෙන් වළකින්න.)
  • ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් (හැඳුන්ම්පතෙහි දෙපැත්තම පිටපත් කළ යුතුය.)හෝ උප්පැන්න සහතිකයේ පිටපතක්.
  • හැඳුනුම්පතක් හෝ උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක් නොමැති නම් පදිංචිය සනාථ කල ග‍්‍රාම සේවක සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
  • වයස අවු. 70 හෝ ඊට වැඩිනම් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.


අනිවාර්යෙන් පිළිපැදිය යුතු කරුණු

 

    1. ප‍්‍රධාන  සිද්ධස්ථාන 05 සඳහා තනි සුදු ඇඳිය යුතුය.

    2. ආයතනය විසින් නොමිලේ සපයන බෑගය ඉන්දියාවේ දී අප විසින් රැගෙන යාමට කටයුතු කරන බැවින් එම බෑගය චාරිකාව සඳහා භාවිතා කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. එම 20Kg බෑගයට අමතරව පිඟාන, කෝප්පය, උණු වතුර බෝතලය, කුඩය රැගෙන යාම සඳහා කරේ එල්ලාගෙන යා හැකි සැහැල්ලූ බෑගයක් ද අප විසින් සපයනු ලබන අතර එම බෑග් 02 පමණක් ගෙන යා යුතුය.(මීට අමතරව කාන්තාවන්ට අත් බෑගය රැුගෙන යා හැකිය.)
     


ගමනට අවශ්‍ය උපකරණ

සිල් ඇඳුම් කට්ටලයක්/ ඇඳුම් සුලූ ප‍්‍රමාණයක් (ප‍්‍රධාන විහාරස්ථාන වලට යාමේ දී අනිවාර්යෙන්ම සුදු අඳිය යුතුය.) තනි සුදු ඇඳුම් කට්ටල 03ක් පමණ සෑහේ/ විදුලි පන්දමක්/ උණු වතුර බෝතලයක්/ කුඩයක්/ බත් ඔතන කොළ, පිඟානක්, කෝප්පයක්, කුඩා පිහියක් හා හැන්දක් (පිහිය අත් බෑගයේ ගෙන යාමට නොදෙන බැවින් 20Kg බෑගය තුළ පමණක් දමන්න) තමාට පුරුදු බෙහෙත් ද්‍රව්‍ය/ කැමරාවක් (අවශ්‍ය නම් පමණි)පූජා භාණ්ඩ සුඵ ප‍්‍රමාණයක්/ ඉබි යතුරක්/ උදේ. දවල් රාත‍්‍රී ආහාර හා තේ සපයන අතර ඊට අමතරව තම තමාට අවශ්‍ය යැයි හැගෙන ආහාර, රස කැවිලි, කට්ට සම්බල, සීනි සම්බල් ගෙන ආ හැකිය. ගමන් මලූ කුඩා වූ තරමට ගමන පහසුය. අප විසින් සපයන පිරිසිදු ජලය පමණක් පානය කිරීම, පළතුරු ආදිය සෝදා ආහාරයට ගැනීම, අපිරිසිදු ආහාර ගැනීමෙන් වැළකීම ආදියෙන් තම සෞඛ්‍ය රැක ගැනීමට උනන්දු වීම, මුලූ කණ්ඩායමේ ම යහපතට හේතු වන බව කරුණවෙන් සලකන්න.

 

විශේෂ කරුණු


බුද්ධගයාව හා ජේතවනාරාමය යන පන්සල් වලට සාංඝික දාන පිරිනැමේ. (පන්සල් දෙකේම ස්වාමීන් වහන්සේලා 35 නමක් පමණ) ඒ සඳහා පහත සඳහන් ද්‍රව්‍ය කැමතිනම් පමණක්, කැමති ප‍්‍රමාණයන් සපයා මෙම දානමය කටයුතු වලට සහභාගි විය හැක.- [ගල් වැලි ඉවත් කරන ලද රතු කැකුන්‍දා සහල්, පොල් කිරි පැකට්, කජු, සුදු ලූණු හෝ දානයට සුදුසු යැයි හැගෙන  ඕනෑම දෙයක්. එසේම අට පිරිකර පූජා කිරීමට අවශ්‍ය නම්, එය ඉන්දියාව තුළදී ඉන්දියානු රුපියල් 200-250 වැනි මුදලකට මිලදී ගත හැකිය.]

අප වන්දනා කිරීමට යන පන්සල් වලට පූජා කිරීමට කැමති ආකාරයට පූජා භාණ්ඩ ගෙනයා හැකි අතර, ඉන්දියානු මුදලින් ද ආධාර කල හැක. එය වඩාත් සුදුසුය. සිවුරු පිරිකර බුද්ධගයාවේ ශ‍්‍රී මහා බෝධියට, ජේතවනාරාමයේ ආනන්ද බෝධියට හා කුෂිනාරානුවර පිරිනිවන් මංචකයට පූජා කළ හැක.
ජේතවනාරාමයේදී පවත්වනු ලබන ආලෝක පූජාවට පොල් තෙල් රැගෙන යාමෙන් වළකින්න. (ඉටි පහන් සහ මල් ඉන්දියාවේ දී ද මිලදී ගත හැක.)







No comments:

Post a Comment